Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

ටෙන්ඩර්පත් කැදවීම 2023 සැප්තැම්බර්

ඖෂධ, ලැප්ටොප්, යන්ත්‍රෝපකරණ හා කන්ටේනර් ෆයිල් ස්ටෝර්ස් මිල දී ගැනීම

බස්නාහිර පළාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහතින් දක්වා ඇති මිල දී ගැනීම් සදහා සුදුසුකම්ලත් ලංසුකරුවන්ගෙන් මුද්‍රා තබන ලද ලංසුපත් කැදවනු ලැබේ.

01. ඖෂධ
02. ලැප්ටොප් පරිඝනක
03. වෛද්‍ය උපකරණ
04. කන්ටේනර් ෆයිල් ස්ටෝර්ස්

ජාතික තරගකාරී ලංසු කැදවීම මගින් සැපයුම්කරුවන් තෝරාගනු ලබන අතර ලංසුකරු අපලේඛනගත නොවීම අනිවාර්ය සුදුසුකමකි.
මේ පිළිබද වැඩි විස්තර හා උක්ත සැපයුම් සදහා ටෙන්ඩර්පත් රාගම, වැලිසර පිහිටි බස්නාහිර පළාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් (පළාත් අධ්‍යක්ෂ කාර්යාලයෙන්) ලබා ගත හැකි වේ.
පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුල එක් එක් සැපයුම් සදහා වන ආපසු නොගෙවන ගාස්තු ප්‍රධාන කාර්යාලයේ ගිණුම් අංශය වෙත මුදලින් ගෙවා අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසු එම ටෙන්ඩර්පත් ලබා ගත හැකි වේ.

ටෙන්ඩර්පත් බාරගන්නා අවසන් දිනය සහ වේලාව - 2023.09.15 පෙ.ව 10.30
ටෙන්ඩර් පත් විවෘත කරන දිනය සහ වේලාව - 2023.09.15 පෙ.ව 10.30

වැඩි විස්තර පහත පත්තර දැන්වීමෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *