බස්නාහිර පළාත තුළ පශු සම්පත් සංවර්ධනය සඳහා මහජනතාව සමඟ සෘජුව සම්බන්ධ වී ක්‍රියාකරනු ලබන්නේ අපගේ පශු වෛද්‍ය කාර්යාල ජාලයයි. බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන පශු වෛද්‍ය කාර්යාල සංඛ්‍යාව 33 කි.
පශු වෛද්‍ය කාර්යාල සමඟ විශාල ප්‍රජාවක් සම්බන්ධ වී සිටින අතර සාර්ථක ගොවීන් විශාල ප්‍රමාණයක් බස්නාහිර පළාත තුල මෙහෙයවීමට පශු වෛද්‍යවරුන්ට හැකියාව ලැබී ඇත.
ගොවීන්ට පශු කර්මාන්ත සහ ඒ හා සම්බන්ධ අතුරු ව්‍යාපාර මගින් සාර්ථක ආර්ථික කළමණාකරණයක් පවත්වා ගැනීමට මෙම පශු වෛද්‍ය කාර්යාලවලින් ලැබෙන දායකත්වය ඉමහත්ය.