Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

තෘණ සම්පත් මධ්‍යස්ථානය

කොටදෙණියාව නගරයට ආසන්නව  පිහිටා ඇති මෙම ආයතනය ගෙවිපළ සතුන්ගේ පෝෂණ තත්වය වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාක්මක කරනු ලබයි. මව් තෘණ වගා නඩත්තු කර වගා කිරීම සදහා අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය සැපයීම, පළාතේ සත්ව පෝෂණය වැඩිදියුණු කිරීම සදහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, තෘණ වගාවන් සදහා සත්ව පාළන ගොවීන් වෙත උපදේශන සේවා සැපයීම ආයතනය ඉටු කරන ප්‍රධාන කාර්යන් වේ. බස්නාහිර පළාත තුළ බැටළු පාළනය ප්‍රචලිත කිරීම සදහා   අවශ්‍ය ගොවීන් වෙත අභිජනන බැටළු පැටවුන් සැපයීමට බැටළු ඒකකයක් ද මෙම මධ්‍යස්ථානය විසින් නඩත්තු කරනු ලබයි. 

ඩී.එම්.බී.එම් දිසානායක

සත්වපාලන නිළධාරී

දුරකතන අංකය - 0332272213
ඊ මේල් ලිපිනය - frcdaph@gmail.com

අපගේ ‌‌ස‌ේවාවන්

- නව වැඩි දියුණු කරන ලද තෘණ හා රනිල වර්ග ගොවීන් අතර ප්‍රචලිත කිරීම.
- නව වැඩි දියුණු කරන ලද තෘණ සහ රනිල වර්ග ගොවීන් වෙත සැපයීම
- සත්ව පෝෂණය සම්බන්ධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ පසු විපරම් කටයුතු
- බැටළු ඒකකයක් පවත්වාගෙන යාම සහ අභිජනනය සඳහා සහන මිලට බැටලුවන් අලෙවි කිරීම..
- තෘණ සහනාධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

කාර්යාල වේලාවන්

සදුදා - සිකුරාදා : ‍පෙ.ව. 8.30 - ප.ව 4.15