Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

පශු සංවර්ධන ව්‍යාපෘති

බස්නාහිර පළාතේ එළ ගව / මී ගව / එළු පාලනය සිදුකරන හා එම සතුන්ට ආහාර සැපයීම සදහා ගෝචර හා පෝෂ තෘණ වගා කරන  සත්වපාලන ගොවීන්ට එම තෘණ වගාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කරගෙන එම තෘණ වගාව නඩත්තුව සදහා වැය වන පිරිවැයෙන් / වියදමින් කොටසක් පියවා ගැනීම සදහා වාර්ෂිකව සහනාධාර මුදලක් ලබා දෙනු ලැබේ.

තෘණ සහනාධාර ගෙවීම……………… 

01. බ්‍රැකේරියා වැනි ගෝචර තෘණ වගාවක් සදහා වසරකට ලබා දෙන සහනාධාර මුදල අක්කර 01 ට රු 3000.00 කි. තෘණ  සහනාධාර ලබා ගැනීම පිණිස තිබිය යුතු අවම භූමි ප්‍රමාණය අක්කර 1/2 කි.

02. CO3 වැනි දියුණු කල නේපියර් තෘණ වගාවක් සදහා අක්කරයකට වසරකට ලබා දෙන සහනාධාර මුදල රු. 8000.00 කි. තෘණ  සහනාධාර ලබා ගැනීම පිණිස තිබිය යුතු අවම භූමි ප්‍රමාණය පර්චස් 20 හෝ තෘණ පදුරු 500 කි.

03.රජයෙන් හෝ රජයේ ව්‍යාපෘතියකින් හෝ මූල්‍යමය හෝ ද්‍රව්‍යමය හෝ ආධාරයක් ලබා පිහිට වූ තෘණ වගා බිමක් සදහා තෘණ වගා බිමක් සදහා වසර දෙකක් සම්පූර්ණ වන තුරු සහනාධාර මුදලක් ඉල්ලීම නොකල යුතුයි.

තෘණ  සහනාධාර ලබා ගැනීම සදහා පිළිපැදිය යුතු කොන්දේසි……………..

01. බලපත්‍රය නිකුත් කර මාස 06ක් ඇතුලත දී නිසි ලෙස තෘණ වගා කර  නොතිබිය යුතුය.

02. බලපත්‍රය වෙනත් අයෙකුට පැවරීම හෝ වෙනත් ඉඩමකට පරිහරණය කළ නොහැකිය.

03. තෘණ වගාව නිදැල්ලේ ඇවිදින ගවයින්ගෙන් ආරක්ෂා කිරීම සදහා වැටක් ඉදිකළ යුතු අතර එම වැටෙහි අඩි.1 පරතරය ඇතිව අඩි 3ක් උසට වැටමාර දඩු සිටුවිය යුතුයි.

04. තෘණ වගා කිරීමෙන් අනතුරුව අවම වශයෙන් අවු. 02 ක් වත් නිසි පරිදි තෘණ වගාව නඩත්තු කිරීමට බලපත්‍රලාභියා වග බලා ගත යුතුය.

06. තෘණ වගා කිරීම හා නඩත්තු කිරීම පිළිබදව දැනුම ලබා දීම පිණිස පශු වෛද්‍ය කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන්වලට සහභාගී විම අත්‍යාවශ්‍ය වේ. 

බස්නාහිර  පළාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි  ගොවිපලවල් සදහා උපකරණ 50% දායකත්ව ප්‍රතිලාභ මත බෙදාදීම සිදු කෙරේ. සත්ව පාලන ගොවීන් දිරිමත් කර සත්ව පාළනය කෙරෙහි ජනතාව යොමු කරවීම මෙහි මූලික අරමුණයි. මේ යටතේ 

01-+- කිරි දෙවීමේ යන්ත්‍ර

02-+- තණකොළ කපන යන්ත්‍ර

03-+- තණකොළ කැබිලි කරන යන්ත්‍ර

04-+- කිරි එකතු කිරීමේ කෑන් / භාජන

05-+-කුකුලන් සදහා කෑම / ජලය තබන බදුන් 

06-+-ගම්බූට්  වැනි අත්‍යවශ්‍ය උපකරණ  බෙදාදීම කාලීන අවශ්‍යතාවය මත සිදුකරණු ලබයි. 

 

බස්නාහිර  පළාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි  සත්ව නිශ්පාදන සැකසුම් ආයතන සහා එම නිශ්පාදන අලෙවිකරණ ආයතන දිරි ගැන්වීම සදහා රේඛීය හා පළාත් අමාත්‍යංශ ව්‍යාපෘති යටතේ නිශ්පාදන හා අලෙවිකරණ උපකරණ 50% ප්‍රතිලාභ මත බෙදාදීම සිදු කෙරේ

මෙම ව්‍යාපෘතිය යටතේ කිරි ගොවියාට ‍ කෘතිම සිංචනය මගින් උපන් වැස්සි පැටවුන් පෝෂණය සදහා නොමිලයේ සහ 50% දායකත්වය යටතේ වසරක් දක්වා සත්ව ආහාර බෙදා දීම පශු වෛද්‍ය කාර්යාල මගින් සිදු කෙරුණි.

මන්ත්‍රී ප්‍රතිපාදන මත  සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ වැඩිදියුණු කරන ලද විශේෂ ගම් කුකුලු පැටවුන් පශු වෛද්‍ය කාර්යාල  මට්ටමෙන් සුදුසු ගොවීන් තෝරා ගොවීන් වෙත නොමිලයේ බෙදා දීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු වේ.